මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් සුළු කාලයකට මෙම තත්ත්වය ඇති වන බව පොල්තෙල් ආනයනකරුවන් එහිදී කියා සිටියහ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට පොල් තෙල් තොග සඟවා තැබීම, මිල ඉහළ යාම් පිළිබඳ හා පොල්තෙල් සාම්පලවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ලෙසට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර ඒ සඳහා වෙළඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය, වෙළඳ අමාත්‍යාංශ අනිකුත් නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි උඩුවර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරී සංජය ඉරසිංහ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනිකුත් නිලධාරීන් සහ දිවයිනේ පොල්තෙල් ආනයනකරුවන් එක්වූහ.