Saturday, July 27, 2024
Follow Us
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේදී නිවාස අහිමි වූවන්ට  ඉඩම් ඔප්පු ලබා දෙයි 

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පළමු අදියර සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූවන්ට ලබාදුන් ඉඩම් කැබලි සඳහා ඔප්පු ලබාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මහර,ගම්පහ, අත්තනගල්ල,දිවුලපිටිය, මිනුවන්ගොඩ,මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉඩම් කැබලි 7881ක් ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගෙන ඇත. ඒ සඳහා වන්දි වශයෙන් ගෙවා ඇති මුදල  රුපියල් මිලියන 10,852.03කි.

 මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නිවාස අහිමි වූවන් 71 දෙනෙකු වෙත ප්‍රතිස්ථාපන ඉඩම් ලබාදීම වෙනුවෙන් ඔප්පු ලබාදීම මේ යටතේ සිදු විය. එහිදී අම්බනවත්ත ප්‍රතිස්ථාපන ඉඩමේ ඉඩම් කැබලි 31ක්‌, මොට්ටුන්නවත්ත ප්‍රතිස්ථාපන ඉඩමෙහි ඉඩම් කැබලි 20ක්‌, පාතකඩවත්ත ප්‍රතිස්ථාපනයේදී මෙහි ඉඩම් කැබලි 20ක්‌ සඳහා ඔප්පු ලබාදීම අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණී.