Sunday, September 08, 2024
Follow Us
පාන් මිල පහළට

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩි­යක මිල රුපි­යල් 10කින් අඩු කරන බව සම­ස්ත ­ලංකා බේකරි හිමි­යන්ගේ සංග­මයේ සභා­පති එම්.කේ. ජය­ව­ර්ධන මහතා පැව­සීය.

කෙසේ වෙතත් සෙසු බේකරි නිෂ්පා­දන මිල වෙනස් නොක­රන බවද ඔහු පැව­සීය.

ඉන්ධන සහ ගෑස් මිල අඩු වීමේ සහ­නය පාරි­භෝ­ගික ජන­තා­වට දීමේ අර­මු­ණින් පාන් ගෙඩි­යක මිල සංශෝ­ධ­නය කර බව ප්‍රකාශ කළ ඒ මහතා තිරිඟු පිටි මිල ඉදි­රි­යේදී අඩු කර­හොත් අනෙ­කුත් බේකරි නිෂ්පා­දන මිලද සංශෝ­ධ­නය කිරී­මට කට­යුතු කරන බව වැඩි­දු­ර­ටත් පැව­සීය.