Tuesday, July 08, 2025
Follow Us
කොවිඩ්-19 ආසාදනය වූ 46ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඉන් පූර්ණ සුවය ලැබූ 46දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට කොවිඩ්-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1196ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද (12) පස්වරු 1.00 වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1877ක්.

ඉන් ආසාදිතයින් 670දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්.

(Aruna)