Thursday, February 12, 2026
Follow Us
ඉරිදා කොළඹට පැය 15 ක ජල කප්පාදුවක්

එළඹෙන ඉරිදා(14) දින කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ 02 , 03, 07, 08 සහ 10 ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

එම කාල සීමාව තුළ කොළඹ -1 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නළ පද්ධතිය වැඩි දියුණු කිරිමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබයි.

(Aruna)