Monday, July 07, 2025
Follow Us
වැලි ප්‍රවාහනයට බලපත්‍ර ඕන නෑ - නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා තවදුරටත් බලපත්‍ර අවශ්‍ය නොවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නියෝගයක් මත මෙම බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බවයි.

එම බලපත්‍ර බලාත්මක වන කාල සීමාවක් පිළිබඳව දැනට තීරණයක් ගෙන නොමැත. අනුර වල්පොල මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු අදාල සියලු අංශ දැනුවත් කර ඇති බවයි.

මීට පෙර ද වත්මන් ආණ්ඩුව යටතේ සීමිත කාලයකට ඛනිජ ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කළේය.

(LNW)