Thursday, February 12, 2026
Follow Us
තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු සුවය ලබයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1150 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 1869 දෙනෙකු වාර්තා වී ඇති නමුත් ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 708 දෙනෙකු පමණයි.

(Neth)