Thursday, February 12, 2026
Follow Us
හූල් ද්විත්ව පුරවැසියෙක්: – කයිට්ස් උසාවියෙන් වරෙන්තුවකුත් තිබිලා

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ද්විත්ව පුරවැසියකු වන අතර ඔහුට එරෙහිව 2011 දී කයිට්ස් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව හූල්ට කයිට්ස් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කළත් ඔහු ඇමරිකාවට පලාගොස් තිබේ.

රත්නජීවන් හූල් මහතා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව රජයට එරෙහිව කටයුතු කරන බවට බුද්ධි අංශ සොයාගෙන ඇත.

ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස ද්විත්ව පුරවැසියකුට කටයුතු කළ නොහැකි බව පැවසේ.

හූල් නයිජීරියානු පුරවැසියකු බව වාර්තා වී ඇත.

Divaina