Monday, July 07, 2025
Follow Us
ඇඟට උණ නම් ඡන්ද පොළට හවස යන්න

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිව හෝ නොමැතිව උණ රෝගයෙන් පෙලෙන ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අවසන් පැය කිහිපයේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් කොවිඩ්-19 මාර්ගෝපදේශ සටහනේ දැක්වේ.

එමෙන්ම,එම ඡන්දදායකයාගේ කටයුතු සඳහා සම්බන්ධ වූ නිලධාරීන් සියලු දෙනාම වහාම අත්වැසුම් ගලවා සබන් යොදා අත්සේදීම අනිවාර්ය වේ.

ඡන්දය ලකුණු කරන කුටිය සහ ඡන්ද පෙට්ටියද සෑම පැයකට වරක් විෂබීජහරණය කළයුතු බවද එහි සඳහන්කර ඇත.

එමෙන්ම,සියලුම ඡන්දදායකයන් ඡන්ද කුටියෙන් පිටවීමෙන් පසුව දෑත් සබන් යොදා සේදීම හෝ විෂබීජහරණය කළ යුතුය.

 

(Aruna)