Sunday, November 09, 2025
Follow Us
සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූ බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීමේ අරමුණින්.

කළුතර බන්ධනාගාරයේ ඊයේ (10) සිදුකළ මෙහෙයුමකදී ජංගම දුරකතන 05ක්, සිම්පත් 07 ක් සහ බැටරි 05 ක් සොයාගැනුණා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

ඉදිරියේදී බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)