Monday, July 07, 2025
Follow Us
ජාතික රෝහලේ මංකොල්ලය : සැකකරු වෛද්‍යවරයෙක් බවට හෙළිවේ

ජාතික රෝහලෙන් මුදල් මංකොල්ලකා පළා යාමට තැත් කළ පුද්ගලයා වෛද්‍යවරයෙක් බවට සිදුකළ විමර්ශන වලදී හෙළිව ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය එම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත අද දහවල් පැමිණ තිබෙනවා. එලෙස පැමිණි සැකකරු කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට මුදල් දමා තිබු සේප්පුව බලහත්කාරයෙන් විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් තිබුණා.

මුදල් මංකොල්ලකා පළා යන සැකකරු පසුපස රෝහල් සේවකයින් හඹා ගොස් ඇති අතර ඔහුද හොරෙක් හොරෙක් යැයි කෑගසමින් දිව ගොස් එම පිරිසෙන් පළා ගොස් සිටියදී කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙසට සිය අධ්‍යයන කටයුතුවල නිරතව සිටින අයෙක් බවත් ඔහු ජාතික රෝහලේ සේවය කොට මිට සතියකට පමණ ඉහතදී වෙනත් ප්‍රදේශයක රෝහලකට ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටි අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.

(Neth)