Thursday, February 12, 2026
Follow Us
රුපියල් 5000 දීමනාව මෙතෙක් නොලැබුණු අයට පැහැදිළි කිරීමක්

රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා මෙතෙක් නොලැබුණු පිරිසට මෙම සතිය අවසන් වීමට පෙර එම දීමනාව ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.

පසුගිය අවස්ථාවේ රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් පිරිස අතරින් කිසියම් කොටසකට මෙවර එම දීමනාව ලබා දීම කපා හැර ඇත්දැයි නෙත් නිවුස් සමෘද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ගිය අවස්ථාවේ ලබා දුන් අයට මේ අවස්ථාවේදීත් අදාළ දීමනාව ලබා දිය යුතුයි යනුවෙන් උපදෙස් ලැබී ඇති බවයි.

(Neth)