Monday, July 07, 2025
Follow Us
කොටි ත්‍රස්තයන් සැඟවූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් විශ්වමඩු ප‍්‍රදේශයෙන් සොයාගැනේ

ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශ්වමඩු, උදයාර්කට්ටු ප‍්‍රදේශයේ තිබී සොයාගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ එම ප‍්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදීයි. උතුරු නාවික විධානයේ නාවිකයින් පිරිසක් සිදු කල එම සෝදිසි මෙහෙයුමේදී බැරලයක බහා තිබූ ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක පමණ ප‍්‍රමාණයක් ප‍්‍රදේශයේ වන ලැහැබක් තුල තිබී සොයා ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

එලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගොස් ඇති ඒවා බවට සැක කෙරෙනවා.

(Neth)