Monday, July 07, 2025
Follow Us
කොරෝනා ආසාදිතව සිටි තවත් 50 දෙනෙකු සුවය ලබයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 50 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 941 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 862 ක්.

(Neth)