Thursday, February 12, 2026
Follow Us
මංතීරු නීතිය යළිත් සඳුදා සිට

ලබන සදුදා(08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි.

මේ අනුව බස් රථ ප්‍රමුඛතා මං තීරු නීතියද මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරේ.

මේ පිළිබඳව සොයා බැලීමට දෛනික රථ වාහන රාජකාරිවලට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව අතිරේක නිලධාරීන් 500ක් යෙදවීමට කටයුතු කරන බව රථ වාහන ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් පුෂ්ප කුමාර මහතා සඳහන් කරයි

(Aruna)