Monday, July 07, 2025
Follow Us
ශ‍්‍රී ලංකා විද්‍යාඥයන් පිළිකාවට බෙහෙතක් සොයාගනී.. ඇමරිකාවේ පේටන්ට් බලබත‍්‍රය ගත්තත් ලංකාවෙන් තාම නෑ..

අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි.

ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ෆුල්විෆෝර්ම් ෆස්ටුඕසස් නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.

වසර 3ක් තිස්සේ පර්යේෂණයේ නිරත ඔවුන්ට 2015දී එහි ප්‍රතිපළ අත්විඳීමට හැකි වෙයි.

ඒ ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය.

ඉන් නොනැවතුණු එම කණ්ඩායම තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට සමත්වෙයි.

ඒ, අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සොයා ගන්නා ලද මෙම නව සංයෝගයෙන් මිනිස් ශරීරයේ සෙසු කොටස් විනාශ වීමක් වන්නේද?

ෙලෝක ජනගහණයෙන් මිලියන 22 ක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙයි.

ඊට වාර්ෂිකව එක්වන ලාංකිකයින් ගණන 25000කි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව ඉන් වාර්ෂිකව මියයන පිරිස 14000කි.

– adaderana