Tuesday, September 16, 2025
Follow Us
වැඩි මිලට වැලි විකුණුවොත් බලපත්‍රය අහෝසියි

වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති අනුර වල්පොල සඳහන් කර ඇත්තේ, බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කරන සමහර වැලි තොටුපලවලින් නියමිත ගාස්තුවලට වඩා වැඩි ගාස්තුවක් අය කරන බවට තමාට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

(Neth)