Sunday, July 06, 2025
Follow Us
ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් සඳහා මහ බැංකුවෙන් නිවේදනයක්

බලපත‍්‍ර අහෝසි කෙරුණු 'ද ෆිනෑන්ස්' සමාගමේ තැන්පත්කරුවන් වෙත ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන්. අදියර කිහිපයක් යටතේ 'ද ෆිනෑන්ස්' සමාගමේ තැන්පත්කරුවන් වෙත තැන්පතු මුදල් ආපසු ගෙවීමට සැලසුම් කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකා මහ බැංකවේ නියෝජ්‍ය අධිපති එස්. ඒ. කරුණාරත්න ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. එහිදී පෙන්වා දුන්නේ එළඹෙන 07 වැනි ඉරිදා මහජන බැංකුවේ ශාඛා ජාලය භාවිතා කරමින් පළමු අදියර යටතේ ගෙවීම් සිදු කරන්න සැළසුම් කර ඇති බවයි. එහිදී ජාතික හැඳුනුම්පත යටතේ ගිණුම් විවෘත කර ඇති සහ එක ගිණුමක් පමණක් විවෘත කර ඇති තැන්පත්කරුවන් සඳහා පළමු අදියරේ ගෙවීම් සිදු කෙරෙන බවද සඳහන් කෙරුණා.

පලමු අදියරේදී ප‍්‍රතිලාභ හිමි නොවන සෙසු තැන්පත්කරුවන් සම්බන්ධයෙන්ද ගනු ලබන පියවරද මෙහිදී විස්තර කෙරුණා.

මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව යටතේ ඇති මූල්‍ය ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම ශී‍්‍ර ලංකා මහ බැංකුව බාර ගත යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) ප‍්‍රකාශ කළා.

(Neth)