Sunday, July 06, 2025
Follow Us
බැංකුවේ රස්සාව ගන්න ජනපති අත්සන හොරෙන් ගහලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බැංකුවක සේවයේ නියතු ව සිටියදී වැඩ තහනමට ලක්වු තැනැත්තෙකි.

ඊ එම් පී ඒ කුමාර නැමැති මෙම තැනැත්තා 2018 වසරේ වැඩතහනමට ලක්ව ඇත.

පසුව ඔහු විසින් ජනාධිපතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සනක් යොදා ගනිමින් ජනාධිපතිවරයා විසින් අදාල රාජ්‍ය බැංකුවේ සභාපතිවරයා වෙත යොමු කරන මෙන් ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත.

එහි සඳහන්ව ඇත්තේ ඔහුව යලි සේවයේ පිහිටුවන ලෙසයි. කොටුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සැකකරු විසින් ව්‍යාජව සකස් කළ ලිපිය පහතින් දැක්වෙයි.

(Aruna)