Monday, July 07, 2025
Follow Us
රැඳවියාගේ බ‌ඩේ තිබුණු ජංගම දුරකථන 05ක් එළියට ගනී

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකථන පහක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවූවෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු ප්‍රතිකාර සඳහා තංගල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැවත බන්ධනාගාරයට ගෙනවිත් සෝදිසි දොරටුවෙන් ඇතුළු කරගන්නා අවස්ථාවේදී ඔහු සතුව යම් දෙයක් ඇති බවට ස්කෑනර් යන්ත්‍රයෙන් සංඥාවක් නිකුත් වී තිබේ. ඒ අනුව එම රැඳවියා වෙන්කොට තබා මළපහ කිරීමට සැලැස්වීමෙන් අනතුරුව පෙරේදා (01 වැනිදා) ජංගම දුරකථන තුනකුත් ඊයේ (02 වැනිදා) ජංගම දුරකථන දෙකකුත්, සිම් කාඩ්පත් හතරකුත් සොයාගෙන ඇත.

සුදු පැහැති පොලිතින් කවර තුළ ජංගම දුරකථන ඔතා මෙම රැඳවියා විසින් ගුදමාර්ගයේ සඟවා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම රැඳවියා ජංගම දුරකථන හා විවිධ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන යන ප්‍රවාහනකරුවකු (බංකර්) ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

(Aruna)