Wednesday, September 23, 2026
Follow Us
කොරෝනා ආසාදිත හමුදා නිලධාරියාගේ ආශ්‍රිතයින් විසූ හෝමාගම නිවෙස් 2ක 9ක් නිරෝධායනයට

පසුගියදා කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගනු ලැබූ යුධ හමුදා නිලධාරියාගේ ආශ්‍රිතයින් පදිංචිව සිටි හෝමාගම ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලයින් 9 දෙනෙකු එම නිවාසවලම නිරෝධායනයට ලක් කර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවයෙහි යෙදී සිටි මෙම යුධ හමුදා නිලධාරියා කොරෝනා ආසාදිතයකු වශයෙන් පසුගිය සතියේදී හඳුනාගනු ලැබුණු අතර ඔහුගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා (01) දිනයේදී අනාවරණය විය.

(LNW)