Sunday, July 06, 2025
Follow Us
කිසිදු ගැටලුවකින් තොරව ලංගම බස් රථ ධාවනයට

කිසිදු ගැටලුවකින් තොරව ලංගම බස් රථ ධාවනයට යොදා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

අප කළ විමසුමක දි වැඩිදුරටත් අදහස් දැක් වු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, මේ වන විට කොළ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිනීතිය කාලයේ දි හැර අනෙක් දිනවල දි සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි. එසේම මේ සඳහා ලංගම බස් රථ 5000කට ආදසන්න ප්‍රමාණයක් ධාවනයට එක් කර අතැයි ද කීය.

එසේම පිට පළාතකින් කොළඔට හා කොළඹින් පිට පළාත් සඳහා යාමේ දී හා ඒමේ දී මිනුවන්ගොඩ,පානදුර හා අවිස්සාවෙල්ලෙන් බස්රථ ලබා ගත යුතු බව ද කීය.

(news.lk)