Wednesday, February 11, 2026
Follow Us
කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් තීරණය කර ඇත.

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත මෙය සිදුවේ. මෙම යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වූ බව මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇතත් සම්මත වූ යෝජනාවක් ඉවත් කිරීමට නොහැකි බව මානව හිමිකම් කවුන්සිලය කියා සිටියි.

ශී‍්‍ර ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් නොවන අතර නිරීක්‍ෂණ මට්ටමින් කටයුතු කරයි.

මේ අතර ශී‍්‍ර ලංකාව එම නිරීක්‍ෂණ මට්ටමින් ද ඉවත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

Divaina