Saturday, July 04, 2026
Follow Us
හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (29) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඌව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර ඇති මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියේ පසු වුණි.

මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.

අවසන් කටයුතු බදුල්ලේ දී සිදුකිරීමට නියමිතයි.

(Aruna)