Wednesday, February 11, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 09 සිට හෙට අලූයම 03 දක්වා කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එම කාලසීමාවේදී කොළඹ 01 ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

(Neth)