Wednesday, February 11, 2026
Follow Us
එංගලනත්යේ සිරවී සිටි ලාංකිකයින් 221ක් රැගෙන එයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 12.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 504 දරන විශේෂ ගුවන් යානය පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කලේ.

මෙම යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණ අතර ඉන් පසුව මෙම මගීන් අතර කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමක් ද සිදු කෙරුණා.

පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණා.

(Neth)