Saturday, July 05, 2025
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කර සැඟවිලා – අලුත් නම අර්ජන් ඇලෙක්සැන්ඩර්

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිය නම “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යනුවෙන් වෙනස් කර ඇති බව ඉන්ටර්පෝල් පොලිසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ඉන්ටර්පෝල් පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මඟින් අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති රතු නිවේදනය ඔහු භාවිත කරන “ අර්ජන් ඇලෙක්සැන්ඩර්” නමැති නාමයට අනුව සංශෝධනය කරන ලෙසද ඉන්ටර්පෝල් පොලිසිය මෙරටට දන්වා තිබේ.

එම දැනුම්දීමට අනුව මෙරට ඉන්ටර්පෝල් ශාඛාව අදාළ රතු නිවේදනයට “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යන නමද ඇතුළත් කර සංශෝධිත රතු නිවේදනය ඉන්ටර්පෝල් පොලිසිය වෙත යවා ඇත.

මෙරටින් පලා ගොස් සිංගප්පූරුවේ වාසය කරන බව පැවසෙන අර්ජුන මහේන්ද්‍රන් මෙම අලුත්ම නම භාවිත කරමින් කවරාකාරයේ නීති විරෝධී කටයුතුවල යෙදෙනවාද යන්න සහ එමෙන්ම සිංගප්පූරුවෙන් පැන යෑමේ උත්සාහයක නිරත වන්නේද යන්නත් බලවත් කුතුහලයකට කරුණක් වී ඇතැයි කියති.

(Lanka Leads)