Wednesday, February 11, 2026
Follow Us
විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීමේදී කාණ්ඩගත කර අදියර කිහිපයකට සිදුකළ යුතුයි – GMOA

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් නිසි මාර්ගෝපදේශන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන් එම ශ්‍රමිකයින් කාණ්ඩගත කර අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

ඊයේ (27) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මෙම අදහස් පල කළේය.

(Lanka Leads)