Saturday, July 05, 2025
Follow Us
පුද්ගල දුරස්ථභාවය කඩ කරන්නන් අදත් අත්අඩංගුවට

පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් (27) රට පුරා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දුන්නේ ඊයේ දිනයේ සිදු කළ අධීක්ෂණයන් අනුව අද දිනයේ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. ඊයේ දිනයේ පුද්ගල දුරස්ථභාවය උල්ලංගණය කළ පුද්ගලයින් 357ක් කොළඹ සහ ගම්පහ ඇතුළුව සමස්ථ දිවයිනෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ බවත් සඳහන් කළා.

පුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා කැමරා සහිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරින්ද මෙහෙයුම් සඳහා අනියුක්ත කර සිටින බව මෙහිදී අනාවරණය කෙරුණා.

ඇඳිරි නීතිය ලිහිල් කර තිබුනත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නැයි මහජනතාවගෙන් ඉල්ලීම් කෙරෙන්නේ මහජනතාවගේම යහපත සඳහා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

(Neth)