Wednesday, February 11, 2026
Follow Us
ඊයේ කොරෝනා රෝගීන් 41න් 40ක්ම කුවේට් සිට පැමිණි අය

ඊයේ (25) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 41 දෙනා අතරින් 40 දෙනෙකුම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බව වාර්තා වේ.

අනෙක් පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකි.

පසුගිය දිනවල කුවේට් රාජ්‍යයේ සිට යළි මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් අතරින් 90 දෙනෙකු මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවයි හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

(LNW)