Wednesday, February 11, 2026
Follow Us
මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවත් අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බවයි.

එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

(Aruna)