Sunday, July 06, 2025
Follow Us
බන්ධනාගාර රැඳවියන්වත් නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගනී

බන්ධනාගාරගත රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් ලෙස සමාජගත කිරීම සඳහා ඇවන්ගාඞ් ආයතනය හා එක්ව කි‍්‍රයාත්මක කරන වැඩසටහන යටතේ වෘත්තීන් කිහිපයක් සඳහා රැඳවියන් යොමු කරවීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් - පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන, චන්දන ඒකනායක පැවසුවේ, ඒ යටතේ වරාය අධිකාරියට අවශ්‍ය බේකරි නිෂ්පාදන සැපයීමේ ගිවිසුමකට ඉදිරි සතියේදී එළඹෙන බවයි.

පුහුණු කරන ලද බන්ධනාගාර රැඳවූවන් ඉදිරියේදී ඉදි කිරීම් සමාගම්වල රැකියා සඳහා යොමු කිරීමට නියමිත බව ද බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)