Wednesday, February 11, 2026
Follow Us
තැපෑලේ ලිපි ලක්ෂ පහක් හිරවෙලා

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ පහක් පමණ ගොඩගැසී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න ඊයේ (24දා) අරුණට පැවැසීය.

රාජකාරි සඳහා ගෙන්විය හැකි කාර්ය මණ්ඩල සීමා කිරීම් සිදුවීම රාජකාරි සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම ඇතුළු කරුණු නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද සාමාන්‍ය පරිදි සේවා ආරම්භ වූ පසු දිනක් ඇතුළත මෙම ලිපි බෙදා හැර අවසන් කළ හැකි බව තැපැල්පතිවරයා කීවේය.

(Aruna)