Wednesday, February 11, 2026
Follow Us
අප්‍රේල් මාසයේ පන්දහසේ දීමනාව හිමි වූ සියල්ලන්ටම මැයි මාසයේදීත්

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින පවුල් ඒකක සඳහා රජය මගින් ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව මෙම මාසය සඳහා ලබා දීම මේ වනවිට ක්‍රියාත්මක වන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සඳහන් කළේ ඉකුත් අප්‍රේල් මාසයේදී රුපියල් පන්දහසේ දීමනාව ලබාදුන් සියලුදෙනා වෙත මැයි මාසය සඳහා ද රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙන බවයි.

අවශ්‍ය පුද්ගලයන් වෙත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම දියුණු කර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)