Wednesday, February 11, 2026
Follow Us
ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කෙරුණත් රැස්වීම් තහනම්

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කෙරුණ ද රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම් වන බව පොලිසිය පවසනවා. කිසියම් පාර්ශ්වයක් රැස්වීම් සඳහා දැනුම් දීම් කළ ද එවැනි අවස්ථාවන් සඳහා සහභාගී නොවන ලෙසයි, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මාළිගාවත්ත ප්‍රදේශයේ ඉකුත්දා ඇති වූ සිද්ධිය වැනි සිද්ධීන් නැවත ඇති වීමට ඉඩ නොතැබිය යුතු බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දුන්නා.

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.

මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙනවා.

(Neth)