කොරෝනා වසංගත තත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ද, වෙසක් පොහෝ දින සිදුකළ අයුරින් නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත් පිළිවෙත් වල නිරත වන්නැයි බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා දන්වා සිටින බවය.
සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් වත්පිළිවෙත් සිදුකරන ලෙස මීට පෙර නිවේදනය කර තිබූ අතර, සෞඛ්‍ය අංශවල සහ බුද්ධශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි යළි මෙම පියවර ගෙන තිබේ.
(Lanka Leads)