Wednesday, February 11, 2026
Follow Us
මෙරට රෝහල් ගත කොරෝනා රෝගීන් ගණන 439ට අඩු වෙයි

නිරෝධායන මධ්‍යස්ථන 42 ක පුද්ගලයින් 4,639 දෙනෙකු මේ වවිට නිරෝධයානය වෙමින් සිටින බව කෝවිඞ් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ තවත් 64 දෙනෙකු අද දිනයේ ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යාමට නියමිත බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 1,068 ක් වන අතර ඉන් 620 දෙනෙකුම සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ 439 දෙනෙකු පමණයි.

(Neth)