Wednesday, February 11, 2026
Follow Us
ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක්

දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක අද රාතී‍්‍ර 8 සිට 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවේ, එම කාල සීමාව තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 ක් පමණ යෙදවෙන බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලයට ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)