Wednesday, February 11, 2026
Follow Us
ඩුබායි සිට පැමිණි 15 දෙනෙක්ට කොරෝනා

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද දිනයේ පස්වරු 6.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

ඔවුන් සියලු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 432ක් වනවා.

(Neth)