Wednesday, February 11, 2026
Follow Us
රියදුරු බලපත්‍රයක වලංගු කාලය ජුලි මස 31 තෙක් දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම කාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇති බවට අදාල ගැසට් නිවේදනය ඊයේ(20) දිනයේ ප්‍රකාශයට පත් කර ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වන දිනෙන් වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගුකාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

(Aruna)