Wednesday, September 17, 2025
Follow Us
කොරෝනා වෛරසයෙන් බේරෙන්න නිරෝධායනයට යැවූ හමුදා සෙබළුන්ට ඩෙංගු !

නිවාඩු ගොස් සිට නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙලෙස ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.

අදාල සෙබළුන් පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙසේ ඩෙංගු රෝගය වැළඳී ඇත්තේ කොළඹ කොටහේන ප්‍රදේශයේ පාසලක නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා සාමාජිකයන් පිරිසකට බවයි වාර්තා වන්නේ.

වර්ෂා සමය ආරම්භ වීමත් සමග නැවතත් කොළඹ නගරය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තව තිබෙන අතර මතුව ඇති තත්වය හමුවේ පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

(LNW)