Wednesday, September 17, 2025
Follow Us
බිත්තර ගණන් උස්සයි

කොවිඩ්-19 වෛරසය පැතිර යෑම ආරම්භ වූ සමයේ රුපියල් 10ක් වූ බිත්තරයක සිල්ලර මිල ඊයේ (20) දිනය වන විට රුපියල් 16 දක්වා වැඩි වී ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසති.

කොවිඩ් වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බිත්තරයක් රුපියල් 10කට ඇලෙවි කිරීමට කුකුළු ගොවිපොළ හා බිත්තර නිෂ්පාදකයන් එකඟ වූහ.

එහෙත් මේ වන විට බිත්තර අලෙවිය වැඩි වෙමින් තිබෙන නිසා මිල වැඩි කිරීමට සිදුව ඇති බව නිෂ්පාදකයෝ පවසයි.

ඇඳිරිනීතිය පනවා තිබූ මාස දෙකක කාලයේ බිත්තර මිලියන පනහක් පමණ එකතු වී තිබූ බව පශු සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(Aruna)