Wednesday, September 17, 2025
Follow Us
පෙත්සම් විභාගය අද 03වැනි දිනටත්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද (20) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

ඊයේ (19) දිනයේ සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ගොනු කළ පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුනා.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව ජනාධිපති නීතීඥ චරිත ගුණරත්න විසින් ගොනුකළ පෙත්සම එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලීමට නියමිතව තිබෙනවා.

(Neth)