Wednesday, September 17, 2025
Follow Us
රත්නපුරේ අධි අවදානම් කලාපවල ජනතාව ඉවත් කෙරේ

රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී ඇත.


(Lanka Leads)