Wednesday, September 17, 2025
Follow Us
මහ මැතිවරණයට එරෙහි පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි

එළඹෙන ජුනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට (19) දිනට කල් තබා තිබේ.

ඒ අනුව පෙත්සම සලක බැලීම නැවත හෙට පෙ.ව. 10.00 ට ඇරඹීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙයි එම පෙත්සම සලකා බැලීම සිදුවන්නේ.

උක්ත ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් නීතීඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම පෙත්සම් ගොණු කර තිබුණි.

(LNW)