Wednesday, February 11, 2026
Follow Us
අවසන් යුද්ධයෙන් ඉවර වුණේ කොටින්ගේ වලිගේ විතරයි

‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ගාඩියන් පුවත්පතේ ඊළම යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වා තිබීම පිළිබඳව අදහස් දක්වමින් අද්මිරාල්වරයා ‘අරුණ’ ට මේ බව පැවසීය.

‘‘ශ්‍රී ලංකාවේ පොළොවෙන් කොටියා අතුගාලා දැම්මට උගේ ඔළුව, අත, කකුල් කැනඩාව, ජර්මනිය, එංගලන්තයේ තියෙනවා. රෝම කූප තමිල්නාඩුවේ ඉඳන් ලෝකය පුරා තියෙනවා. පවතින රජයත් එක්ක එකතුවෙලා මේ ඊළාම් සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ දාන්න ඕනෑ.

දෙමළ ඩයස්පෝරාව ඉතාම ශක්තිමත් විදිහට යුරෝපයේ ක්‍රියාත්මක වන නිසා අපිට සිද්ධ වෙනවා රජයේ සම්පූර්ණ ශක්තිය යොදවලා මෙයට විරුද්ධ වෙන්න. ගාඩියන් පුවත්පත මේ සිදුවීම ඔවුන් ඉල්ලා අස්කර ගත්තේ රජය ඉක්මනින් මැදිහත් වුණ නිසයි. එය එක්තරා ජයග්‍රහණයක් විදිහට සලකන්නත් පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

(Aruna)