Thursday, July 03, 2025
Follow Us
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය යළි ඉහළට

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, සරත් පේ‍්‍රමසිරි ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක්. නමුත් දැන් මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයකට ගිහින් තියෙනවා." යනුවෙනි.

වායු දූෂණය පිළිබඳ කෙරෙන අධ්‍යයනවලින් හෙළි කරගන්නා තොරතුරු අනුව 2025 වසර වනවිට මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුමක් සකස් කරන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මෙහිදී කියා සිටියා.

(Neth)