Wednesday, February 11, 2026
Follow Us
සුවය ලැබූ නාවික සෙබළුන් ගණන 177 දක්වා ඉහළ යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි නවත් නාවික හමුදා සාමාජිකයන් 26 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඔවුන්ගෙන් 20 දෙනෙකු නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තවත් සෙබළුන් 05 දෙන‍ෙකු මුල්ලේරියාව රෝහලේ සහ එක් සෙබළෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

අදාල නාවික සෙබළුන්ගේ ජෛව සාම්පල PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී තහවුරු වී තිබෙන්නේ ඔවුන්ගේ ශරීරය තුළ තවදුරටත් කොවිඩ් වෛරසය ක්‍රියාත්මක නොවන බවයි.

මේ අනුව ඊයේ දිනය වනවිට සුවය ලැබූ සමස්ත නාවික ‍සෙබළුන් ප්‍රමාණය 177 කි.

මෙම සෙබළුන් රෝහල්වලින් මුදා හැරියද ඔවුන් තවදුරටත් දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

(LNW)