Thursday, July 03, 2025
Follow Us
අධික වැස්සත් සමග එන ගංවතුර ආපදාවකට පෙර සුදානම් වේ

වැසි සමග ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් පෙර සූදානම් රාජකාරි රැසක් මේ වනවිටත් කි‍්‍රයාත්මක කර ඇති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා.

ජලය ගලා යා නොහැකි පරිදි ගංගාවල අවහිර වී ඇති ස්ථාන පිරිසිදු කිරීම, හඳුනාගත් අවදානම් කලාපවලට අමතර භට කණ්ඩායම් යෙදවීම දැනටමත් සිදු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

යාවත්කාලීන වන නවතම තොරතුරුවලට අවධානය යොමු කරමින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා සහය දැක්වීමට නාවික හමුදාව කටයුතු කරන බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)