Thursday, July 03, 2025
Follow Us
කුඩා බිලිදෙක්ටත් කොරෝනා : සුවය ලැබූ නාවික සෙබළුන් ගණන 135ක්

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 925ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ (14) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 10ක් වනවා.

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 08 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වන අතර සෙසු දෙදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ.

එලෙස වාර්තා වූ ආශ්‍රිතයින් දෙදෙනා ගෙන් එක් අයෙකු වයස මාස එකහමාරක් පමණ වන කුඩා බිලිදෙක්ද වන බවයි සෞඛ්‍ය අංශ දැනුවත් කර සිටියේ.

මේ වන විට නාවික හමුදා සෙබළුන් 479 දෙනෙකු කොරෝනා ආසාධිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 135 දෙනෙක් මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව ප්‍රතිකාර ලබමින් සිටින මුළු නාවික සෙබළුන් සංඛ්‍යාව 344ක් වන අතර සමස්තයක් ලෙස රටේ දැනට රෝහල් ගතව සිටින මුළු ආසාධිතයින් ගණන වන්නේ 471ක් පමණි.

මේ වන විට සුවය ලැබූ මුළු රෝගීන් ගණන 455ක් වනවා.

(Neth)